රාත්‍රී දර්ශන ඡායාරූපකරණය

සාමාන්‍යයෙන් රාත්‍රියේ ඡායාරූප ගන්නව කියන්නෙ, අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගන්නව කියන එකටයි. ආලෝකය අඩු නිසා, කැමරාවෙ විවරය (aperture) වැඩි වෙලාවක් විවරව පැවතිය යුතුයි. ඒ එක්කම වඩා දිගු නිරාවරණයක් (longer exposure) හා අඩු shutter speed එකක් (f 1/30 හෝ ඊටත් වඩා දිගු). f/2.8 වගේ වත් පුළුවන් කාච භාවිතා කරන්න. ඔයාට වේගවත් නිරාවරණ වේගයක් ලබාගන්න ඕනෙ නම් ISO එක වැඩි කරන්න. නමුත් මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි, ISO වැඩි වෙනකොට ඡායාරූපයේ noise එක වැඩි වෙනව කියන එක.

Image1.jpg

හුඟක්ම කැමරා වල Night Mode කියල සැකසුමක් තියෙනව, ඒක භාවිතා කරල බලන්න. ඒක සාර්ථකද කියල බලන්න. ඒ එක්කම manual Mode එකත් පොඩ්ඩක් පරික්ෂා කරල බලන්න, මොකද සමහර වෙලාවට ස්වයංක්‍රීය සැකසුම් වලට වඩා අපිම සකසන සැකසුම් වඩා සාර්ථක වෙනවා. දිගු නිරාවරණ කාලයක් ඕනෙ නිසා, කැමරාව සෙලවීම වළක්වා ගැනීම සඳහා ත්‍රිපාදකයක් භාවිතා කරන්න. ඡායාරූපය ගන්න, cable release හෝ self timer භාවිතා කරන්න, එතකොට shutter button එක ඔබනකොට එන සෙලවීමත් ඉවත් කරගන්න ඔයාලට පුළුවන්. Auto focus හා Manual focus යන දෙකම භාවිතා කරල බලන්න. මොකද සමහර වෙලාවට අඩු ආලෝක තත්ව යටතේ auto focus සාර්ථකව ක්‍රියා කරන්නෙ නෑ. ඔයාට හරියටම හිතාගන්න බැරි නම් මොන ආකාරයේ සැකසුමක්ද භාවිතා කරන්න ඕනෙ කියල, Exposure bracketing භාවිතා කරන්න. ඒ ගැන අපි මීට පෙර ලිපියකදී කතා කළා. ඒ ඒ අවස්ථා වලදී යොදා ගන්නා සැකසුම් මතක තියාගත්තතම ඔයාට ඊළඟ අවස්ථාවෙදි පහසු වෙයි. හොඳටම අඳුරු වැටෙන්න ඉස්සෙල්ල ඡායාරූප ගැනීම අරඹන්න. සවස් වරුවේ හා ඊට ටිකට පස්සෙ වෙලාවල ඡායාරූප ගන්න උත්සාහ කරන්න. නියොන් ආලෝකයන් එහෙම ඡායාරූපයට නඟනවා නම් හොඳටම අඳුරු වැටෙන්න ඉස්සෙල්ල, යන්තම් ස්වභාවික ආලෝකයත් තියෙන වෙලාවට ගන්න, ඒක තමා ඒකට හොඳම වෙලාව. බලන්නකො පහත ඡායාරූපය.

Image2.jpg

සැණෙළි භාවිතා කරනකොට මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි, එමගින් ආලෝකමත් කරන්නෙ ඔබට කෙලින්ම ඉදිරියෙන් තිබෙන දේවල් පමණයි කියන එක.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *